Sunday, November 1, 2015

 Augmented Reality in Education (ආවර්ධිත යථාර්තය)

සැබෑ ලෝකයෙන්  වැසී ඇති පරිගණක විචිත්‍රක (Computer Graphics) සැබෑ ලෝකය හා සම්බන්ධ කිරීමේ තාක්ෂණයක් ලෙස ආවර්ධිත යථාර්තය (Augmented Reality) හඳුන්වා දිය හැක. 
මේ අනුව ආවර්ධිත යථාර්තය හා සම්බන්ධ දෘඪාංග සහ මෘදුකාංග පද්ධතියක්, සැබෑ ලෝකය සහ පරිගණක ජනිත වූ වස්තු සමග එකම අවකාශය තුල සමකාලීනව පෙනී සිටීමට ඌණ පූර්ණයක් සපයනු ලැබේ.
 (“allow users to see the real world at the same time as virtual imagery attached to real locations and objects”)

 

Friday, October 30, 2015

විෂය සමග පරිසරය හා සබැදියාව

අප ඉගැන්වීමේ දී බොහෝ විට විෂයක මූල ධර්මයන් ශිෂ්‍යයා හට කට පාඩම් කිරීමට නැතහොත් අභ්‍යාස කරවීම සාමාන්‍යෙයන් සිදු කරයි. නමුත් විෂය ඉගැන්වීමේ දී එම කරුණු සමග සමාජය , ස්වභාව ධර්මය සමග සම්බන්ධය පෙන්වා දීමට උත්සුක නොවෙමු. මෙහිදී පරිසරය සමග සම්බන්ධ කිසියම් විෂය කිහිපයක් පමණක් යැයි ඹබට සිතෙන්නට පුළුවන. නමුත් එය එසේ නොවන බව පෙන්වීම සඳහා අපූරු වීඩියෝවක් පෙන්වීමට මම අදහස් කළෙමි. ගණිතය , භෞතික විද්‍යාව වැනි මූල ධර්මයන් , ප්‍රමේයන් පමණක් ඇති විෂයක් ඉගැන්වීමේ දී එය පරිසරය සහ ගලපා ගැනීම පිළිබද ව ඔබට යම් දුරක අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කරමි.

ස්තුතිය!

මීට
මනෝජ් මධුශාන්ත
තොරතුරු සන්නිවේදන තාක්ෂණ ගුරු
මහින්ද රාජපක්ෂ විද්‍යාලය










Friday, October 23, 2015

අනාගත පංති කාමරය

නවීනතම අධ්‍යාපන ක්‍රමවේදයන්ට අනුව virtual Class room සංකල්පය ලෝකයේ ජනප්‍රිය වෙමින් පවතියි.
දුරස්ථ අධ්‍යාපනය (Distance Learnning) , ඊ - අධ්‍යාපනය (E-Education) , Virtual Universities  යන සංකලප සමගම virtual Class room යන සංකල්පයද නවීන තොරතුරු තාක්ෂණය සමග දියුණු වෙමින් පවතියි.
මෙයිදී ශිෂ්‍යයා තම පංති කාමරය වෙත පිවිසීමට තමා පිළිබිඹු කරන Avatar එකක් තෝරා ගැනීම සිදු කරයි. එම අවතාරය (Avatar) ශිෂ්‍යයාගේ මුහුණේ හැගීම් චලන රටා නිරූපණය කළ හැක. ඹහු හෝ ඇයට තමාට අදාල පංති කාමරය විෂය වෙත පද්ධතිය මගින් යොමු වීමේ හැකියාව ඇත.
virtual Class room පද්ධතිය මගින් ශිෂ්‍යයාට ඉගෙනීමට අවශ්‍ය තොරතුරු , ක්‍රියාකාරකම් දක්වනු ඇත.

අප විද්‍යාලයේ නව්‍යකරණ තොරතුරු තාක්ෂණ පංති කාමරය තුල ද මෙවැනි පද්ධතියක් දියුණු කිරීම මාගේ අභිප්‍රායයි. ඉහත වීඩියෝව මගින් ඒ පිළිබද යම් අදහදක් ලබා ගැනීමට ඔබට හැකි වනු ඇත.

ශ්‍රී ලංකාව තුල මෙවැනි අධ්‍යාපන පද්ධතියක් ක්‍රියාත්මක වන පළමු අවස්ථාව මෙය විය හැක.

මගේ මිතුරකු වන අසංක ධර්මවංශ, ජපානයේ නගාඹ්කා විශ්ව විද්‍යාලයේ ( Nagaoka University)   තම පශ්චාත් උපාධිය (PHD) සඳහා සංවර්ධනය කරමින් පවතින මෙම පද්ධතියේ අඩු පාඩු මගහරවා මෙම විද්‍යාගාරය තුල ස්ථාපනය කිරීම මාගේ අභිප්‍රායයි.

ජය ශ්‍රී

මීට
ජී.ඩී.එම්. මධුශාන්ත
තොරතුරු තාක්ෂණ ගුරු
මහින්ද රාජපක්ෂ විද්‍යාලය

Future Class Room Sri Lanka


Hi- Innovative ICT Class Room situated in beautiful surrounding  in Mahinda Rajapaksha College, Pitipana, Sri Lanka. This Laboratory is donation of Education Ministry of Republic of Keorea. The Total worth is about 50 million rupees.

There is few technical devices and class room structure that differentiate this lab from other computer labs belongs to the Sri Lankan school.
Mr. AMB Rajanayake (Vice Principal) of Mahinda Rajapaksha College conducting a science lesson in ICT Class Room.
40 student can participate in one session. and 10 student form as a group. they have separate Instructional Touch Screen for their lesson activities.
 Students using instructional touch panels for their lesson activities.
Students collaboration with ICT - Passion

We Thanks all of you who create golden opportunity to bring this new ict class room for best use of rural , talented student around Sri Lanka.

Thank You!

By
G.D.M.Madushantha
ICT Teacher,
Mahinda Rajapaksha College.