Friday, October 23, 2015

අනාගත පංති කාමරය

නවීනතම අධ්‍යාපන ක්‍රමවේදයන්ට අනුව virtual Class room සංකල්පය ලෝකයේ ජනප්‍රිය වෙමින් පවතියි.
දුරස්ථ අධ්‍යාපනය (Distance Learnning) , ඊ - අධ්‍යාපනය (E-Education) , Virtual Universities  යන සංකලප සමගම virtual Class room යන සංකල්පයද නවීන තොරතුරු තාක්ෂණය සමග දියුණු වෙමින් පවතියි.
මෙයිදී ශිෂ්‍යයා තම පංති කාමරය වෙත පිවිසීමට තමා පිළිබිඹු කරන Avatar එකක් තෝරා ගැනීම සිදු කරයි. එම අවතාරය (Avatar) ශිෂ්‍යයාගේ මුහුණේ හැගීම් චලන රටා නිරූපණය කළ හැක. ඹහු හෝ ඇයට තමාට අදාල පංති කාමරය විෂය වෙත පද්ධතිය මගින් යොමු වීමේ හැකියාව ඇත.
virtual Class room පද්ධතිය මගින් ශිෂ්‍යයාට ඉගෙනීමට අවශ්‍ය තොරතුරු , ක්‍රියාකාරකම් දක්වනු ඇත.

අප විද්‍යාලයේ නව්‍යකරණ තොරතුරු තාක්ෂණ පංති කාමරය තුල ද මෙවැනි පද්ධතියක් දියුණු කිරීම මාගේ අභිප්‍රායයි. ඉහත වීඩියෝව මගින් ඒ පිළිබද යම් අදහදක් ලබා ගැනීමට ඔබට හැකි වනු ඇත.

ශ්‍රී ලංකාව තුල මෙවැනි අධ්‍යාපන පද්ධතියක් ක්‍රියාත්මක වන පළමු අවස්ථාව මෙය විය හැක.

මගේ මිතුරකු වන අසංක ධර්මවංශ, ජපානයේ නගාඹ්කා විශ්ව විද්‍යාලයේ ( Nagaoka University)   තම පශ්චාත් උපාධිය (PHD) සඳහා සංවර්ධනය කරමින් පවතින මෙම පද්ධතියේ අඩු පාඩු මගහරවා මෙම විද්‍යාගාරය තුල ස්ථාපනය කිරීම මාගේ අභිප්‍රායයි.

ජය ශ්‍රී

මීට
ජී.ඩී.එම්. මධුශාන්ත
තොරතුරු තාක්ෂණ ගුරු
මහින්ද රාජපක්ෂ විද්‍යාලය

No comments:

Post a Comment